බේකරි නිෂ්පාදනවල මිල අඩුකරනවාද? නැද්ද? යන්න පිළිබඳව අද(18) දිනයේ තීරණය කරන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් තම සංගමයේ සාමාජිකින් සමග සාකච්ඡා කරන බවයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි පාන් පිටි මිල රුපියල් 10 කින් අඩු කරනු ලැබීය.
ඒ රජයේ වැඩපිළිවෙළට සහය දැක්වීමේ අරමුණිනි.
මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට වෙළෙඳ අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයි ද අදාළ සමාගම් ප්‍රකාශ කළේ ය.