පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි
සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් මෙතක් පැවැති ගැටලු නිරාකරණය කරගන්න යම් වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙනවා.එවන් තත්ත්වයක් තුල යම් වෘත්තීය සමිතියක් වැරදි අදහසක් සමාජගත කලා.
රාජ්‍ය සේවාවේ සහ පලාත් රාජ්‍ය සේවාවේ දෙකේම සංවර්ධන නිලධාරීන් ඉන්නවා.
මේ දෙගොල්ලම එකම ප්‍රශ්න ගොඩක සිටිනවා.
අපේ රජය දිවුරුම් දුන්නේ නොවැම්බර් 18 . තවම මාස 2 ක් නෑ.නමුත් මේ කාලය තුල සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් ආරම්භ කරතිබෙනවා.
දෙසැම්බර් 2 ද අමාත්‍ය මණ්ඩලය කමිටුවක් පත් කලා.ඒ නිසා ඉතාම කෙටි කාලයක් තුල සංවර්ධන නිලධාරීන් සම්බන්ධයෙන් වැඩපිළිවෙළක් අපි ආරම්භ කලා.
සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු අපි විසදනවා.ඒ ගැන දෙගිඩියාවක් තියාගන්න එපා.මේ සම්බන්ධයෙන් අපි අමාත්‍ය මණ්ඩලයේ දී සාකච්ඡා කර තිබුනා.
එක් වෘත්තීය සමිතියක් කියන්නේ බොරු.
පටු සැගවුනු දේශපාලන කාරණා වෙනුවෙන් ඇත්ත සමාජ නොකර වැරදි දේ සමාජ ගත කරනවා නම් ඒක වැරදියි
රජය වෘත්තීය සමිති වලට ඇහුම්කන් දෙන්නේ නෑ කියලා කියන්න උත්සාහ කරනවා .ඒක වැරදියි.
එලැඹෙන 11 දාත් සාකච්ඡා 5 ක් මේ සම්බන්ධයෙන් යොදාගෙන තිබෙනවා.ඒ නිසා සංවර්ධන නිලධාරී ගැටලු කඩිනමින් විසදනවා.
ඉදිරි අය වැයෙන් රජයේ සේවකයන්ට යම් වැටුප් වැඩිවීමක් භාණ්ඩාගාරයට ගැලපෙන ආකාරයට සිදු කරාවි.