බොලිවුඩයේ අසිරිමත් සම්මාන රාත්‍රීයක් වන IIFA 2024 ඊයේ රාත්‍රීයේ අබුඩාබි හී දී පැවතුණි.

හොදම නළුවා ලෙස බොලිවුඩයේ රජු ශාරුක් ඛාන් ජවාන් චිත්‍රපටය වෙනුවෙන් සම්මාන දිනා ගත් අතර Mrs Chatarji Vs Norway චිත්‍රපටය වෙනුවෙන් හොදම නිළිය ලෙස රාණි මුඛර්ජි සම්මාන දිනා ගන්නා ලදී .
හොදම සහාය නළුවා ලෙස ඇනිමල් චිත්‍රපටය වෙනුවෙන් අනිල් කපූර් සම්මාන දිනා ගත් අතර හොදම සහාය නිළිය ලෙස රොකී සහ රාණි චිත්‍රපටය වෙනුවෙන් ශබනා අස්මි සම්මාන දිනා ගන්නා ලදී .ඇනිමල් චිත්‍රපටයේ කළ දුශ්ට රංගනය වෙනුවෙන් බොබි දියෝල් හොදම දුශ්ටයාට හිමි සම්මානය දිනා ගන්නා ලදී.

වසරේ හොදම චිත්‍රපටය ලෙස ඇනිමල් චිත්‍රපටය සම්මාන දිනා ගත් අතර හොදම අධ්‍යක්ෂක ලෙස 12th Fail චිත්‍රපටය වෙනුවෙන් විදු විනෝද් චොප්රා සම්මාන දින ගන්නා ලදී..

හොදම පසුබිම් ගායකයා ලෙස බුපෙන්ද්‍ර බාබල් සම්මාන දිනා ගත් අතර ශිල්පා රාඕ හොදම පසුබිම් ගායිකාව ලෙස සම්මාන දිනා ගන්නා ලදී ..

හොදම තිර රචනය වෙනුවෙන් Rocky aur Rani ka prem kahani සහ 12th fail සම්මාන දිනා ගන්නා ලදී.

සිනමවේ 25 වසරක් සම්පූර්ණ කල කරන් ජොහාර් සහ සිනමාවට කල අද්විතීය මෙහෙවර වෙනුවෙන් හේමා මාලනී සම්මාන දිනා ගන්නා ලදී..

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *