ත්‍රිකුණාමලයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමේ සිද්ධියකට අදාළව පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් දෙනමක රිමාන්ඩ් කිරීමට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සියලුම වාර්තා සහ හඬ පට වහාම තමන් වෙත ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (22) නියෝග කළේය. ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත මෙම නියෝගය නිකුත් කෙරුණි. අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහාන්තා අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝනය කරමින් බුදු පිළිමයක් ස්ථාපනය කළ බවට එල්ල වූ චෝදනා මත ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද රිමාන්ඩ් නියෝගය නීති විරෝධී බව ප්‍රකාශ කරන ලෙස මෙම පෙත්සම මගින් ඉල්ලා තිබේ. ඒ අනුව, අදාළ නඩු කටයුත්තට අදාළ දිනපොතේ සටහන් සහ හඬ පට පරීක්ෂා කිරීමෙන් අනතුරුව පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර තීරණ ගැනීමට අධිකරණය අපේක්ෂා කරයි.


























