භාණ්ඩාගාර අතිරික්තයෙන් ජනතාවට සහන දෙන්න: ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් උපදෙස්

පවතින ගෝලීය බලපෑම් හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම වළක්වා ගැනීම සඳහා රජය සතු අතිරික්ත ප්‍රතිපාදන භාවිත කළ යුතු බව විපක්ෂ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. රජය සතු මෙවලම් භාවිත කරමින් බදු සංශෝධනය කිරීම හරහා ජනතාව මත පැටවෙන බර අවම කළ හැකි බව පෙන්වා දෙන ඒ මහතා, මිල සූත්‍රය ක්‍රියාත්මක කරන අතරම රුපියල් 118ක බද්ද සහ වැට් බදු (VAT) කෙටි කාලීනව සංශෝධනය කිරීමේ හැකියාව පවතින බව අවධාරණය කරයි.​රටේ දරිද්‍රතාවය 12% සිට 25% දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ සාමාන්‍ය වැසියන් ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බව ඔහු පෙන්වා දෙයි. ලෝක වෙළඳපොළේ සිදුවන තාවකාලික කම්පනයන්ට ස්ථිර විසඳුම් සෙවීමට වඩා, භාණ්ඩාගාර අතිරික්තය යොදාගෙන එම පීඩනය රජය විසින් දරා ගැනීම දුරදක්නා නායකත්වයක ලක්ෂණයක් බවත්, සහන ලබා දීමට නොහැකි බව පැවසීම නොදැනුවත්කම ප්‍රකාශ කිරීමක් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,045

Leave A Reply

Your email address will not be published. Required fields are marked *