තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දරු කාලය තුල ගොවියෝ පාරේ උද්ඝෝෂණවල සිටිය බවත් තමාට එය පාලනය කර ගත හැකි වූ බවත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා
මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව පවසා සිටියා
මම දරන කාලේ ගොවියෝ හිටියේ පාරේ. උද්ඝෝෂණවල මට ඒක කළමනාකරනය ගන්න පුළුවන් උනා
මම දුන්නු 15000 පොහොර සහනාධාරය විසි විසි පන්දහ දක්වා වැඩි කරාට තවමත් ගොවියන්ට ඒක දෙන්න බැරිවෙලා තියෙනවා
බන්ඩි පොහොර නැව දැන් ඇවිත් එකත් තවම බෙදලා දෙන්න බැරිවෙලා
මට පුළුවන් වුණා රට සහලින් ස්වයංපෝෂිත කරන්න මම ඒක දැනුත් නිවැරදිව කියනවා රටේ කිසිම හාල් හිඟයක් ඇතිවෙන්න ඉඩකඩක් නෑ
මේ රටේ පරිබෝජනයට හාල් අවස්ය සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 24කට අඩු ප්‍රමානයක් ඒ වගේම මේ රටේ සහල් මෙට්ටික්ටොන් ලක්ෂ තිහක ප්‍රමාණයක් තියෙනවා
ජනාධිපතිතුමා කිව්ව හාල් ඇටයක්වත් ගෙන්නන්නෙ නෑ කියලා ඇතිවෙන්න හාල් තියෙනවා කියලා. ඒක හරි එතුමට තොරතුරු ලැබිලා තියෙනවා. සහල් තියෙනවා ඈතිවෙන්න නමුත් අවාසනාවට කළමනාකරනය කර ගන්න බැරිවෙලා තියෙනවා
දැනටමත් ඇතිවෙන්න වීමෝල් හිමියන් ළඟ වීී තියෙනවා
අපි කතා කරේ හාල් ගෙන්දන්න නෙමේ. හාල් රට යවන්න නමුත් දැන් ඒකත් කරගන්න බැරිවෙලාා තියෙනවා
දැන් මෙතන ප්‍රශ්නේ තියෙන ජනවාරි වෙනකන් හාල් ගෙන්නන එක දික් කරපු එක ඒකෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා ජනවාරි 10 තමයි හාල් එන්නේ. ජනවාරි අග වෙනකොට පෙබරවාරි මාසේ වෙනකොට වී අස්වැන්න එන්න ගන්නවා. එතකොට මෝල් හිමියන් කියාවි රට හාල් තියෙන නිසා වී අඩුවට ගන්න වෙන්නේ කියලා එහෙම වුණොත් ගොවියෝ අමාරුවේ
මම හිටියනම් අනිවාර්යයෙන්ම රටින් හාල් ගෙන්නන්න අවශ්‍යතාවයක් නෑ
මේ ආණ්ඩුවට මෝල් හිමියෝ පාලනය කරගන්න බැරි වුනා මේ ආණ්ඩුව විතරක් නෙමේයි කිසිම ආණ්ඩුවකට මෝල් හිමියෝ පාලනය කරගන්න බැරිවුණා
අපි යම් මට්ටමකට පාලනය කරා
මම හිටියනම් රටින් හාල් ගේන්නෙ නෑ
රිලව් ටික මට රට යවන්න බැරි වුණානේ රිලව් ලක්ෂයක් චීනෙට යවන්න හැදුවේ ඒ කණ්ඩායම් එක්ක මම කතා කරා ඒගොල්ලො තුන් වතාවක් ආවා. නමුත් මට කරන්න දුන්නේ නෑ
පරිසර සංවිධාන අධිකරණයට ගියා
ලොකු විනාශයක් වෙන්නේ රිලව්ගෙන් රටට ඒක පාලනය කරන්න
ලාල්කාන්ත හෝ නාමල් කරුණාරත්න හෝ ගේන හොඳ දේවල් වලට මම පෙනී ඉන්නවා
අපේ කාලෙ ඉඳන් මේ හානි තිබුණා. දැන් වැඩිවෙලා ඉස්සරහට තවත් වැඩියි
මේ වගේ තව ටික කාලයක් ගියොත් මිනිස්සුන්ට රට යන්න වෙයි රිලව් ටිකට තමයි මේ ලංකාවේ ඉන්න වෙන්නේ
සත්ව හානි එන්න එන්න වැඩි වෙනවා රිලව් වැඩි වෙයි මිනිස්සු අඩුවෙනවා
මට කොච්චර අපහාස කරාද මස් කන්න ගෙනියනවා රිලව් ගෙන් පගා ගන්නවා ගොඩක් අය කිව්වා අද මොකක්ද වෙලා තියෙන්නේ? මස් කන්නවත් පගාගන්නවත් නෙමෙයි චීනේ දෙන්න හැදුවේ හොද දේවල් වලට
රට යවන එකත් කරන්න ඕනා වන්දියා කරණයත්කරන්න ඕන නැත්නම් ලොකු අනතුරකට පත් වෙනවා
ජනාධිපති ඩග්ලි හම්බවෙලා එළියට එනකොට රුපියල් දහයක් සාක්කුවෙ දාගෙන ආපු එක තමයි කරේ
මොන ආණ්ඩුව තිබුණත් ඩග්ලි සිරිසෙනට ඕන දේ තමයි වෙන්නේ. ඒක තමයි මට කියන්නෙ ඩග්ලිට ඕන දේ කරගන්නවා
මගේ කාලෙත් මාත් එක්ක කතා කරේ නෑ ජනාධිපති ලේකම් කාර්යාලයේ තමයි. ඒත් වැඩි කරගත්තා
මම දැක්ක ඩග්ලි කෝටි දහයක් චන්දෙට දුන්නා කියලා මොන ආණ්ඩුව ආවත් එ ආණ්ඩුව ඩග්ලි අල්ලගන්නවා
ජනාධිපති ඉන්දියාව ගියා ගිවිසුම් ගහනවා ඒක හොඳයි අසල්වැසි රාජයක්නේ
ඒ කාලේ විවේචනය කරපු දේවල් වලට දැන් එකඟ වෙන එකත් හොඳයි
රනිල් වික්‍රමසිංහ රජය කරපු දේම ඒ විදියටම කරගෙන යනවා
ඒවට වරදක් කියන්න දෙයක් නෑ
ඉන්දියාව තරහා කරගෙන බෑ ඉන්දියාවත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන එක තමයි වැදගත් කතාව