දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ නම් ජාතික මෙහෙයුම යටතේ ඊයේ දිනයේදී පොලීසිය විසින් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 1,053ක් පවත්වා ඇති අතර, එහිදී සැකකරුවන් 980ක් අත්අඩංගුවට ගෙන ඇත.මෙම වැටලීම් අතරතුර හෙරොයින් සම්බන්ධ මෙහෙයුම් 329කදී හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 321ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ හා සමාන ‘අයිස්’ (ICE) සම්බන්ධ වැටලීම් සංඛ්‍යාවකදී කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 107ක් සොයාගෙන ඇත.තවද, කංසා සම්බන්ධ වැටලීම් 317කදී කංසා කිලෝග්‍රෑම් 54යි ග්‍රෑම් 434ක් සමඟින් කංසා පැල 204,548ක් ද සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. මෙම මහා පරිමාණ මෙහෙයුම දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊට අදාළ අපරාධ ක්‍රියා මර්දනය කිරීමේ අඛණ්ඩ ප්‍රයත්නවල කොටසකි.























