මතු පරපුරේ නැණ නුවණ පාදන ගුරු පරපුරට ‘Atlas ගුරුගරු වෙතින් උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉගෙනුම් සන්නාමය වන Atlas, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමඟ එක්වී, මෙරට දු දරුවන්ගේ නැණ පහන් දැල්වීමට නිරන්තරයෙන් වෙහෙසන ගුරුවරුන්ගේ කැපවීම සහ උනන්දුව ඇගයුමට ලක් කරන Atlas ගුරුගරු’ ගුරු උපහාර උත්සවය පසුගියදා සාර්ථක අන්දමින් පැවැත්වීය.එය පැවැත්වුණේ කොළඹකින්ස් බැරි හෝටලයේදී. මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් වර්නන් පෙරේරා මහතා සහ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා දර්ශනී ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු තවත් නිලධාරීන් රැසක් සමඟින් දිවයින පුරා සිටින ගුරුවරුන් 300 කට අධික සංඛ්‍යාවක් සහභාගී වී සිටියහ.සෑම වසරකදීම Atlas Axillia ආයතනය, ‘Atlas ගුරුගරු’ වැනි ප්‍රමුඛ වැඩසටහන් ඔස්සේ රටපුරා ගුරුවරුන් 7,000 කට අධික පිරිසක් සම්බන්ධ කර ගන්නා අතර, ගුරුවරුන්ගේ ඉගැන්වීම් කටයුතු වැඩි දියුණු කිරීමට සහ දූ දරුවන්ට තෘප්තිමත් සහ ඵලදායි අධ්‍යාපනයක් ලබා දිය හැකි වන පරිදි කුසලතාවන් හා දැනුම වර්ධනය කිරීම එහි ප්‍රධාන පරමාර්ථයයි. තවද, පුහුණු අදියරෙහි සිටින ගුරුවරුන් සඳහා මුල්‍යමය සහයෝගයන් ලබා දෙන Atlas Axillia ආයතනය, ඒ තුළින් සිය වෘත්තීය ඉලක්කයන් හඹා යන ගුරුවරුන්ට මනා අත්වැලක් සපයනු ඇත.වසර 60 කට අධික කාලයක් පුරාවට අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පුරෝගාමියෙකු වූ Atlas සන්නාමය, මෙරට දරුවන්ට සතුටින් ඉගෙන ගත හැකි ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමට දායකත්වය ලබා දෙයි. එමෙන්ම දු දරුවන්ගේ නැණ නුවණ පුබුදුවාලන කර්තව්‍යයේ නියැළෙන විශිෂ්ටතම ගුරු පරපුර හඳුනා ගනිමින් ඔවුන් නිසි ලෙස ඇගයුමට ලක් කිරීමෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා Atlas සන්නාමය ගෙන යන අඛණ්ඩ මෙහෙවරද සුවිශේෂී වේ.මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ Atlas Axillia හි කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ සඳහන් කළේ ය. ‘ ගුරුවරුන් තම සිසු දරුවන් සමඟ අන්තර් ක්‍රියාකාරී සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සිය දැනුම ලබා දෙනවා සේම දරුවන්ගේ ආකල්ප, චර්යාවන් සහ අනාගත බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවශ්‍ය මංපෙත් විවර කරනවා. මෙම Atlas ගුරුගරු වැඩසටහන හරහා ගුරුවරුන්ගේ කුසලතා වර්ධනය කිරීමත් සමගින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් පදනම් කරගත් ඉගෙනුම් ක්‍රමයක් පාසල් පන්ති කාමරයට හඳුන්වා දීමට හැකි වීම සම්බන්ධයෙන් අපි ආඩම්බරයට පත් වෙනවා. මේ සියලු කර්තව්‍යයන් තුළින් මෙරට ගුරු පරපුර සවිබල ගන්වමින්, ගුරුවරුන් හා සිසු දරුවන් එක්ව ගොඩනගන සාර්ථක අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා Atlas හි අපි ඉදිරියටත් කැප වී කටයුතු කරනවා”මෙරට අධ්‍යාපනය සුබවාදී අනාගතයක් කරා රැගෙන යන ගුරුවරුන් අගය කරමින් ඵලදායි අධ්‍යාපන ප්‍රජාවක් නිර්මාණය කිරීමෙහිලා Atlas Axillia සතු තිරසාර කැපවීම, මෙම ඇගයුම් උත්සවයේ දී මනාව පිළිබිඹු විය.

What's your reaction?

Related Posts

1 of 400

Leave A Reply

Your email address will not be published. Required fields are marked *