මහජන මුදල් පිළිබඳ කාරක සභාවේ (CoPF) සභාපති, හර්ෂ ද සිල්වා මහතා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා වූ නව කොන්ත්‍රාත්තුව පිළිබඳව කනස්සල්ල පළ කර ඇත.ඔහු කියා සිටින්නේ කොන්ත්‍රාත්කරු වන (MCC) සමාගමේ හිමිකම් පිළිබඳව මෙන්ම, අඩු කරන ලද ඇමරිකානු ඩොලර් මිලියන 500 ක පහසුකම සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව (China EXIM Bank) සමඟ වූ කොන්දේසි හා නියමයන් පිළිබඳ සාකච්ඡා කිසිවක් අවසන් කර නොමැති බවයි.ප්‍රමාදයන් සහ ඉහළ යන පොලී අනුපාත හේතුවෙන් රුපියල් බිලියන 226 ක් වූ මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව CoPF විසින් සමාලෝචනය කළ බව හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඔහු (ට්විටර්) සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සටහනක මෙසේ සඳහන් වේ: “අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා මහත් උත්සවශ්‍රීයෙන් ව්‍යාපෘතිය නැවත ආරම්භ කළද, කොන්ත්‍රාත්කරුගේ (MCC) හිමිකම් පිළිබඳව හෝ අඩු කරන ලද ඩොලර් මිලියන 500 ණය පහසුකමේ නියමයන් හා කොන්දේසි පිළිබඳව චීන එක්සිම් බැංකුව සමඟ වූ සාකච්ඡා කිසිවක් අවසන් කර නොමැති බව අප කමිටුවේදී දැනගත්තෙමු.”මාර්ග අමාත්‍යාංශය විසින් දැනට පවතින ස්ථාවර 2.5% පොලී අනුපාතය වෙනුවට, අවම සීමාව (floor) 2.5% ක් ලෙසත්, උපරිම සීමාව (cap) 3.5% ක් ලෙසත් තබා විචල්‍ය පොලී අනුපාතයකට මාරු වීමට අවශ්‍ය වන්නේ මන්දැයි කමිටුවට පැහැදිලි නොවන බව සභාපතිවරයා පැවසීය.”දිගුකාලීන චීන පොලී අනුපාත වෙනස් වුවහොත් දෙපාර්ශවයටම සමාන ප්‍රතිලාභ ලැබෙන සාධාරණ, සමමිතික ගිවිසුමක් සඳහා CoPF විසින් බල කරන ලදී,” ඔහු එම සටහනේ වැඩිදුරටත් කියා සිටියේය.