මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත් කෙටුම්පතට ඒකමතික අනුමැතිය!

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පතට පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. මේ පිළිබඳව අදහස් දක්වමින් එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ප්‍රකාශ කළේ, ලබන සතියේදී මෙම පනත පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන්ට හිමිවන විශ්‍රාම වැටුප් වරප්‍රසාදය සම්පූර්ණයෙන් නැතිවන බවයි. ඒ අනුව ඉදිරියේදී මන්ත්‍රී ධුරය විශ්‍රාම වැටුප් හිමිවන රැකියාවක් වෙනුවට සේවයක් ලෙස පමණක් ක්‍රියාත්මක වන බව ඔහු අවධාරණය කළේය.​මෙම පියවර හරහා 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත අහෝසි කෙරෙන අතර, එය ‘පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජනතාවට ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් ඉටු කිරීමක් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. පාර්ලිමේන්තුවේ වසර කිහිපයක් සේවය කිරීමෙන් පසු මන්ත්‍රීවරුන් ලබාගත් මෙම විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කිරීම, මෙරට දේශපාලන සංස්කෘතියේ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් බවත්, එමගින් රජය ගමන් කරන විනිවිදභාවයකින් යුත් මාවත තහවුරු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

What's your reaction?

Related Posts

1 of 1,010

Leave A Reply

Your email address will not be published. Required fields are marked *