මන්නාරම ඛනිජ වැලි ව්‍යාපෘතියට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

මන්නාරම් දූපතේ යෝජිත බර ඛනිජ වැලි නිස්සාරණය කිරීමේ ව්‍යාපෘතියට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.​පරිසර යුක්ති කේන්ද්‍රය (Centre for Environmental Justice) සහ ගරු පියතුමා සංතියෝගු මාකස් ඇතුළු තවත් තිදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර, මන්නාරම් ප්‍රදේශයේ පතල් කැණීම් කටයුතු සඳහා නිකුත් කර ඇති කොන්දේසි (Terms of Reference – TOR) සහ බලපත්‍ර ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් ඔවුන් ඉල්ලා සිටිනවා.​අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන සහ විනිසුරු සම්පත් අභය­කෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ද්වි පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම කරුණ කැඳවූ අවස්ථාවේදී, පෙත්සම පෙබරවාරි 10 වැනිදා නැවත සලකා බැලීම සඳහා දින නියම කර තිබෙනවා.​පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ, 2024 වසරේදී බලධාරීන් විසින් EL423 සහ EL424 යන ගවේෂණ ප්‍රදේශ තුළ යෝජිත බර ඛනිජ වැලි කැණීම් සහ ඛනිජ වෙන් කිරීමේ කම්හලක් පිහිටුවීමේ ව්‍යාපෘතිය සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් (Environmental Impact Assessment – EIA) සකස් කිරීමට අදාළ කොන්දේසි නිකුත් කර ඇති බවයි.​මෙම කලාප, උප්පුත­රවෛ–පේසාලෙයි සිට දකුණු බාර්–තල්වුපාඩුව දක්වා විහිදෙන මන්නාරම් දූපතේ වැදගත් වෙරළ තීරයන් ආවරණය කරන බව වාර්තා වනවා.​පෙත්සම්කරුවන් වෙනුවෙන් එම්.ඒ. සුමන්තිරන් මහතා (ජනාධිපති නීතිඥ) සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ පෙනී සිටි අතර, නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්තී පෙරේරා පෙනී සිටියා.

What's your reaction?

Related Posts

1 of 789

Leave A Reply

Your email address will not be published. Required fields are marked *