මන්නාරම – මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ අද (ඔක්තෝබර් 22) උදෑසන සිදු වූ බස් අනතුරකින් 29 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය පවසයි.මෙම අනතුර සිදුව ඇත්තේ කිලෝමීටර 35 සහ 36 කණු අතරදී ය. කොළඹ සිට මන්නාරම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක රියැදුරුට රථයේ පාලනය කර ගැනීමට නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල වූ ගසක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.මියගිය පුද්ගලයා මුරුන්කන්, අසික්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයන් අට දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් මන්නාරම සහ වවුනියාව රෝහල්වලට ඇතුළත් කර තිබේ. බස් රථයේ රියැදුරු ද තුවාල ලැබූවන් අතර වේ.























