2050 වසර වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචනය ළඟා කර ගැනීමේ රජයේ සැලැස්මට සමගාමීව, හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගම මන්නාරම මුල්ලික්කුලම් ප්‍රදේශයේ ඉදිකරනු ලබන මෙගාවොට් 50ක සුළං විදුලි ව්‍යාපෘතිය අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ කෙරිණි. මන්නාරමේ ස්වභාවික සුළං බලය උපයෝගී කරගනිමින් ක්‍රියාත්මක වන මෙම අතිනවීන බලාගාරය සුළං ටර්බයින 10කින් සමන්විත වන අතර, ඉන් වාර්ෂිකව විදුලි ඒකක මිලියන 207ක් උත්පාදනය කිරීමට අපේක්ෂිතය.මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීම ලක්ෂණය වන්නේ එමගින් ජනනය කෙරෙන විදුලි ඒකකයක් ඇමරිකානු ශත 4.65ක (රුපියල් 14.37ක) සහනදායී මිලකට සැපයීමට නියමිතව තිබීමයි. මෙරට බලශක්ති ක්ෂේත්රයේ තිරසාර පියවරක් ලෙස සැලකෙන මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු 2027 වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇත.


























