ඇල්පිටිය, සාදමුල්ල ප්‍රදේශයේදී සිදු කළ විශේෂ වැටලීමකදී ටී-56 වර්ගයේ ගිනිඅවියක් සහ පතරොම් තොගයක් සමඟ පුද්ගලයෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම වැටලීම සිදු කර ඇත්තේ නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ලැබුණු තොරතුරකට අනුවය. සැකකරු සන්තකයේ තිබී ටී-56 වර්ගයේ ගිනිඅවියක්, මෙගසින් (magazine) දෙකක් සහ ජීව පතරොම් 45ක් සොයා ගැනීමට පොලිසිය සමත් වී තිබේ.අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා සාදමුල්ල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි අයෙකි. සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙකු බවය.තවදුරටත් කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම සැකකරු අදාළ ගිනිඅවිය උපයෝගී කර ගනිමින් මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදු කිරීමට සූදානමින් සිට ඇති බවයි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් බටපොල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.


























