බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ඊයේ (01) පෙරවරුවේ කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ නිරීක්ෂණ චාරිකාවක නියැලුන අතර එහිදී Clean Sri Lanka ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවටද එක්විය. එහිදී රැස්ව සිටි සේවක පිරිස ඇමතු අමාත්‍යවරයා
රටක දියුණුවට සංවර්ධනයට බලශක්ති ක්ෂේත්රයේ වර්ධනය හා ස්ථාවරත්වය ඉතා වැදගත්. අප රජය බලශක්ති ක්ෂේත්රය රජයේ හිමිකාරීත්වය සෘජු පාලනය අධිකාරීත්වය යටතේ තිබිය යුතුයි කියල අපේක්ෂා කරනවා. මීට පෙර රජයත් බලශක්ති ක්ෂේත්රයේ රජයේ හිමිකාරීත්වය වෙනස් කරන්න උත්සහ ගනිද්දී අපි ඒකට විරුද්ධව පෙනී හිටියා සටන් කළා විතරක් නෙවෙයි ඒ මතවාදය පැරැද්දුවා.
බලශක්ති ක්ෂේත්රයේ දියුණුවට අප ළග යෝජනා තිබෙනවා. අපි එය ක්‍රියාත්මක කරන්නට පටන් අරගෙනයි තියෙන්නේ, ඒවගේම සේවකයන්ගේ රැකියා සුරක්ෂිතතාවය වගේ කාරණා අපි ඉතා ඉහළින් සළකා බලනවා. ආයතනය රැකගෙන කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රජයේ මේ වැඩපිළිවෙලට සහය දීම, අපි ඔබගෙන් අපේක්ෂා කරනවා යැයිද පැවසීය
Clean Sri Lanka ජාතික වැඩපිළිවෙල පුළුල් අරමුණු අපි තේරුම් ගන්න ඕන. හොරකමට නාස්තියට දූෂණයට විරුද්දව කටයුතු කිරීමත් ඒ පුළුල් අරමුණු අතර තියෙනවා. අද ඇරඹුණ Clean Sri Lanka ජාතික වැඩසටහන විශේෂ වෙන්නෙත් එහි සමාරම්භක දවස හැටියට අද ඉතා විශේෂ දිනයක් වෙන්නෙත් ඒ නිසා යැයිද තවදුරටත් පැවසීය.
මේ අවස්ථාවට ලංකා තෙල් සංස්ථා සභාපති D.J.A.S. De S. රාජකරුණා කළමණාකාර අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ ඇතුළු ඉහළ නිළධාරින් රැසක්ද සහභාගි ව