කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික සුවද හමුව සහ ක්‍රිකට් තරගය කෝට්ටේ අංගම්පිටිය ක්‍රීඩාංගණයේදී අද පැවැත්වුණා…
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මැතිතුමිය එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වූ අතර..
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින් ද ජයතිස්සමැතිතුමත්..
පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් ආරාධිත අමුත්තන් හැටියට පැමිණීමද මෙහි විශේෂත්වයක්..
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම සුහද හමුව සහ ක්‍රිකට් තරගය පවත්වන්නේ තුන්වැනි වරටයි…
කොළඹ ජනමාධ්‍යවේදීන්ගේ සුභ සාධනය වෙනුවෙන් වාර්ෂිකව මෙම උත්සවය පවත්වනු ලබනවා..
සමාරම්භක අවස්ථාවට පැමිණි අග්‍රාමාත්‍යතුමිය,ජනමාධ්‍ය අමාත්‍යතුමන්,ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙහිදී අදහස් දැක්වූවා.