මලිගාවත්ත වකුගඩු රෝහලේ සිදුකළ මූලික විමර්ශනයට අදාළ අතුරු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීමත් සමඟ, පෙබරවාරි 9 වනදා ආරම්භ කිරීමට තිබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හැරීමට රජයේ විකිරණ ශිල්පීන්ගේ සංගමය (GRTA) තීරණය කර ඇත. අදාළ වාර්තාවේ නිර්දේශයන්ට අනුව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව මාරු කිරීමට බලධාරීන් ලිඛිත නියෝග නිකුත් කිරීම මෙම තීරණයට පදනම් වී තිබේ.සංගමය පෙන්වා දෙන්නේ ජනවාරි 29 වනදා වන විට මෙම පියවර ගත යුතුව තිබුණද, සෞඛ්‍ය බලධාරීන් එය ප්‍රමාද කර තිබූ බවයි. කෙසේ වෙතත්, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව එතුමාගේ මැදිහත්වීම මත පෙබරවාරි 5 වනදා අමාත්‍යාංශය විසින් අදාළ නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව පැනනැඟී තිබූ ගැටලුව නිරාකරණය වී ඇත.


























