මහ ඔය නිම්නයේ අතිශය අවදානම් ගංවතුර තත්ත්වයක්!

මහ ඔය නිම්නයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට දැඩි අවදානමක් ඇති කරන, මෑත ඉතිහාසයේ අත්නොදුටු තරම් දරුණු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින්, අතිශය පරෙස්සමෙන් කටයුතු කරන ලෙස දැඩි ලෙස ඉල්ලා සිටිනු ලැබේ. මහ ඔය ද්‍රෝණියේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ බොහොමයක සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවත්, පවතින වර්ෂා තත්ත්වයන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් මහ ඔය ද්‍රෝණිය තුළ ක්‍රියාත්මක වන මිනුම් ස්ථානවල නිරීක්ෂණය කරන ලද ගංගා ජල මට්ටම් විශ්ලේෂණය කිරීම මත, ඉදිරි පැය 24 තුළ අධි අවදානම් ගංවතුර තත්ත්වයක් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මෙම ප්‍රදේශවල ජනතාවගෙන් දෙපාර්තමේන්තුව දැඩි ලෙස ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සඳහා අතිශය පරෙස්සමෙන් කටයුතු කරන ලෙසත් සහ ඔවුන්ට ලබා ගත හැකි ආරක්ෂිතම ස්ථාන වෙත හැකි ඉක්මනින් පිටත්ව යන ලෙසත්ය.

What's your reaction?

Related Posts

1 of 888

Leave A Reply

Your email address will not be published. Required fields are marked *