මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට බෝම්බ බියක්: දැඩි පරීක්ෂාවක් හේතුවෙන් මහජනතාව පීඩාවට

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ වාහනයක අටවන ලද බෝම්බයක් පුපුරුවා හරින බවට අද (26) උදෑසන ලැබුණු නිර්නාමික විද්‍යුත් පණිවුඩයක් හේතුවෙන් එම පරිශ්‍රය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය. දිස්ත්‍රික් ලේකම්වරයාගේ නිල විද්‍යුත් ලිපිනයට ලැබුණු මෙම තර්ජනාත්මක පණිවුඩය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසු, පෙරවරු 10.00 ට පමණ පොලිස් නිල සුනඛයන් සහ බෝම්බ නිෂේධන අංශය යොදවා විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරන ලදී.​මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන අතරතුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රධාන ද්වාරය වසා දැමීමට පියවර ගත් අතර, ඒ හේතුවෙන් විවිධ සේවා ලබා ගැනීමට පැමිණ සිටි මහජනතාවට පරිශ්‍රයට ඇතුළුවීමට හෝ පිටවීමට නොහැකිව දැඩි අපහසුතාවයකට පත්වීමට සිදු විය. එමෙන්ම, වාහනවලින් පැමිණි නිලධාරීන්ට සහ සේවකයින්ට තමන්ගේ රාජකාරි කටයුතු අතරමග නතර කර තම වාහන අසලම රැඳී සිටින ලෙස පොලිසිය උපදෙස් ලබා දුන් අතර, සියලු වාහන පරීක්ෂා කිරීමෙන් අනතුරුව තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

What's your reaction?

Related Posts

1 of 913

Leave A Reply

Your email address will not be published. Required fields are marked *