මහනුවර නගරයේ පදික වේදිකාවල වෙළෙඳාම් කරන සියලුම වෙළෙඳුන් එළඹෙන දෙසැම්බර් 31 වනදායින් පසුව ඉවත් කිරීමට මහනුවර මහා නගර සභාව තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා පැවසුවේ, පදික වෙළෙඳුන් ඉවත් කිරීමේ තීරණය මෙම වසරේ ජූනි මාසයේදීම ගනු ලැබූවද, මානුෂීය පදනම මත ඔවුන්ට දෙසැම්බර් 31 දක්වා සහන කාලයක් ලබා දුන් බවයි. එම වෙළෙඳුන් සඳහා විකල්ප ස්ථාන ලබා දී තිබියදීත් ඔවුන් නැවතත් පදික වේදිකා ආක්‍රමණය කිරීමට උත්සාහ කරන බව පෙන්වා දුන් නගරාධිපතිවරයා, වත්මන් මහා නගර සභාව, ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව යන සියලු බලතල ජාතික ජන බලවේගය සතුව පවතින බැවින් මෙම තීරණය කිසිසේත්ම වෙනස් නොකරන බව අවධාරණය කළේය. මේ අතර, නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෑතකදී කරන ලද සමීක්ෂණයකට අනුව මහනුවර නගරයේ අනවසර පදික වෙළෙඳුන් 500ක් පමණ සිටින බවත්, විකල්ප වෙළෙඳ බිම් ලබා ගැනීමේ අරමුණින් තවත් පිරිසක් අලුතින් මෙම වෘත්තියට අවතීර්ණ වී ඇති බවත්ය.


























