මහනුවර සිට දෙමෝදර දක්වාත්, නානුඔය සිට බදුල්ල දක්වාත්, අද (01) සිට ඇල්ල ඔඩිසි දුම්රියක් ධාවනයට යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව අද 01 වැනි දා සිට සෑම සති අන්තයකම මහනුවරින් පෙරවරු 9.45ට දෙමෝදර දක්වා ඇල්ල ඔඩිසි කැන්ඩි දුම්රිය ධාවනය කෙරෙනු ඇති.

එම දුම්රිය එදිනම පස්වරු 6.00ට නානුඔයෙන් මහනුවර දක්වා ධාවනය කෙරෙනු ඇති.

එමෙන්ම ඇල්ල ඔඩිසි නානුඔය දුම්රිය පෙබරවාරි 10 වැනි දා සිට සඳුදා දිනවල හැර ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

මීට අමතරව ඇල්ල ඔඩිසි කලම්බෝ දුම්රිය අමතර ගමන්වාරයක් පෙබරවාරි 10 වැනි දා සිට සෑම සඳුදා දිනකම ධාවනයට පියවර ගන්නා බව නිවේදනයේ සඳහන් වේ.

ඇල්ල ඔඩිසි Colombo දුම්රිය මේ වනවිටත් සෑම බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා දිනකම කොළඹින් පිටත් වේ.

විදෙස් සංචාරකයින් අතර එම දුම්රිය ජනප්‍රිය වීම හා දැඩි ආකර්ශනය හේතුවෙන් මෙම නව දුම්රිය එක්කර තිබේ.

මීට අමතරව ලබන 31 වැනි දා සිට කොළඹ කොටුව – කන්කසන්තුරේ රාත්‍රි තැපැල් දුම්රිය දිනපතා ධාවනයට ද සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය

What's your reaction?

Related Posts

1 of 542

Leave A Reply

Your email address will not be published. Required fields are marked *