මහර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාව පාලනය කෙරේ

මහර බන්ධනාගාරය තුළ අද (01) පස්වරුවේ හදිසි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට පියවර ගෙන ඇති බවයි. ​පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, බන්ධනාගාරයේ අඩි 15ක් පමණ උසැති තාප්පයක් හෝ තහඩුවක් කඩා දමමින් එයින් එළියට පැමිනීමට සහ පළා යාමට රැඳවියන් පිරිසක් උත්සාහ දැරීම මෙම නොසන්සුන්තාවයට මූලිකම හේතුව වී ඇති බවයි. ​මෙම උත්සාහයත් සමඟම රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර මතභේදාත්මක හා උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, එහිදී රැඳවියන් විසින් බන්ධනාගාර ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට සහ විනය අංශයට ගිනි තබා ඇත. ​ප්‍රදේශවාසීන් පවසා ඇත්තේ බන්ධනාගාරය තුළින් විශාල පිපිරීමක ශබ්දයක් සහ අධික දුමක් නැගුණු බවයි. මීට අමතරව, සිද්ධිය අතරතුර බන්ධනාගාරය අභ්‍යන්තරයෙන් වෙඩි හඬවල් කිහිපයක්ද ඇසුණු බව බන්ධනාගාරය ඉදිරිපිට රැස්ව සිටි රැඳවියන්ගේ ඥාතීන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. ​මෙම ගැටුම්කාරී හා කලහකාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අතිරේඛ බන්ධනාගාර නිලධාරීන් කැඳවා ඇති අතර, බන්ධනාගාරය තුළ හටගත් කුඩා ගිනි ගැනීම් පාලනය කිරීමටද අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කර ඇත. ​මේ වන විට බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යොදවා ඇති අතර, ගැටුමින් තුවාල ලැබූ රැඳවියන් පස් දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,265

Leave A Reply

Your email address will not be published. Required fields are marked *