මහලේකම් පුතාට ඇප

අද (29) අලු‍යම සිදු වූ රිය අනතුරට අදාළව කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර ඇප මත මුදාහැර තිබේ.

ඒ පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මතය.

ඔහුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට අධිකරණය නියෝග කර ඇති අතර නඩුව යළි ලබන වසරේ මාර්තු 25 වනදා කැඳවීමට නියමිතව ඇත.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *