මහිදානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ මූලික විරෝධතා සලකා බැලීම මාර්තු 25ට

හිටපු අමාත්‍යවරුන් වන මහිදානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට අදාළ මූලික විරෝධතා සලකා බැලීම ලබන මාර්තු 25 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළේය. 2014 වසරේ සැප්තැම්බර් සහ දෙසැම්බර් අතර කාලසීමාව තුළ ක්‍රීඩා සමාජ වෙත බෙදා හැරීම සඳහා කැරම් පුවරු 14,000ක් සහ දාම් පුවරු 11,000ක් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53.1ක රජයේ මුදල් අවභාවිත කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වී ඇත.​මෙම සිද්ධියට අදාළව ඉකුත් වසරේදී මහාධිකරණය මගින් මහිදානන්ද අලුත්ගමගේ මහතාට වසර 20ක සහ නලින් ප්‍රනාන්දු මහතාට වසර 25ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබුණි. කෙසේ වෙතත්, තමන්ව අදාළ සියලු චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලා විත්තිකරුවන් දෙදෙනාම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ඉදිරිපත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,000

Leave A Reply

Your email address will not be published. Required fields are marked *