මහින්ද රාජපක්ෂට මරණ දඬුවම දිය යුතු යැයි මා පැවසුවේ නැහැ – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මරණයට පත් කිරීමට තමන්ට කිසිඳු අදහසක් නොතිබූ බවත්, ඇතැමුන් මාතරදී තමන් කළ ප්‍රකාශය වැරදියට වටහාගෙන ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද පැවසීය.​“2009 පෙබරවාරි මාසයේදී සටන් විරාමයක් ලබා දී, ආරක්ෂක අංශවල ඉදිරි ආරක්ෂක වළලු (Forward Defence Lines) විනාශ කිරීමට අණ දුන්නා නම් හිටපු ජනාධිපතිවරයාට මරණ දඬුවම ලැබෙන බවයි මා පැවසුවේ. ජාතිය පාවා දුන් පුද්ගලයෙකුට දකුණු කොරියාවේදී ගුවන් යානා නාශක තුවක්කුවලින් වෙඩි තියන්නටත්, සෞදි අරාබියේදී කකුල් වලින් එල්ලා තැබීමටත් ඉඩ තිබූ බව පමණයි මා පැවසුවේ. නමුත්, බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්ද ඇතුළුව ඇතැම් අය මගේ අදහස් වැරදියට අර්ථකථනය කරමින් දේවල් ප්‍රකාශ කරනවා,” යැයි ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා මහතා මාධ්‍ය වෙත පැවසීය.

What's your reaction?

Related Posts

1 of 786

Leave A Reply

Your email address will not be published. Required fields are marked *