මහින්දානන්දගේ කැරම් බෝඩ් හා දාම් ලෑලි නඩුවේ නියෝගයක් ලබන 09 වැනි දා

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ රුපියල් මිලියන 53 කට ආසන්න වටිනාකමකින් යුත් කැරම් බෝඩ් හා දාම් ලෑලි සතොස ආයතනය හරහා මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර බෙදා දීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස ආයතනයේ හිටපු සභාපති සහ වත්මන් අමාත්‍ය නලින් ප්‍රනාන්දු විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරු කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ මෙම නඩුව අද අමල් රණරාජා, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි කැඳවීම අවසන් වීමෙන් පසුව ඔවුන්ගේ නීතිඥවරු අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 09 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සංගම් අතර බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් මිලදී ගැනීම තුළින් රජයට රුපියල් මිලියන පනස්තුනකට ආසන්න පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ මෙම අධි චෝදනා පත්‍ර ගොනුකර තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *