මාතලේ ගම්මාදුවෙන් මි.මී. 540.6 ක වාර්තාගත වර්ෂාවක්!

නිල නිරීක්ෂණ අනුව, අද (2025 නොවැම්බර් 28) අලුයම 6.00 න් අවසන් වූ පැය 24 තුළ ශ්‍රී ලංකාවට අසාමාන්‍ය ලෙස අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර, මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාදුව ප්‍රදේශයෙන් මිලිමීටර් 540.6 ක වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත. මධ්‍යම සහ සබරගමුව පළාත් හරහා ස්ථාන කිහිපයකින් මිලිමීටර් 300 ඉක්මවූ අධික වර්ෂාපතන ප්‍රමාණ වාර්තා වී තිබේ. මාතලේ දිස්ත්‍රික්කයේ එළකඩුව (මි.මී. 442.80)

කන්දෙනුවර (මි.මී. 419.20)

හුණුගල්ලේ වත්ත (මි.මී. 399.40)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ (මි.මී. 421.00)

කෑගල්ල දිස්ත්‍රික්කයේ දොටෙලෝයා වත්ත (මි.මී. 410.20)

මහනුවර දිස්ත්‍රික්කයේ නිල්ලඹ (මි.මී. 404.80)

මාරස්සන (මි.මී. 403.60)

මෝරහේන (මි.මී. 394.40) යන ප්‍රදේශවලින් ඉහළම වර්ෂාපතන ප්‍රමාණ වාර්තා වී ඇත. ඊට අමතරව, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකින් පැය 24ක් තුළ මිලිමීටර් 230 ත් 350 ත් අතර සැලකිය යුතු වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

What's your reaction?

Related Posts

1 of 863

Leave A Reply

Your email address will not be published. Required fields are marked *