මාරක මාර්ග අනතුරු: වසරකට 25,000කට අධික පිරිසකට බරපතල දීර්ඝකාලීන තුවාල!

මාර්ග අනතුරු හේතුවෙන් සෑම වසරකම පුද්ගලයන් 25,000කට ආසන්න සංඛ්‍යාවක් බරපතල, දීර්ඝකාලීන තුවාල ලබන බව සෞඛ්‍ය අංශ නිලධාරීන් පෙන්වා දී තිබේ.​මෙම කරුණු ජාතික කම්පන සම්මන්ත්‍රණය 2025ට සමගාමීව අනාවරණය විය.​ජාතික කම්පන ලේකම් කාර්යාලයට අනුව, දිවයින පුරා සිදුවන මාර්ග අනතුරුවලින් දිනකට 6ත් 8ත් අතර පුද්ගලයන් සංඛ්‍යාවක් මිය යන අතර, අනතුරු සම්බන්ධ තුවාල සඳහා වාර්ෂිකව මිලියනයකට ආසන්න පිරිසක් රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබති.​මේ අතර, අනතුරුවලින් සිදුවන මරණ සහ ආබාධිත තත්ත්වයන් අවම කිරීම සඳහා මහජන දැනුවත්භාවය ඉහළ නැංවීමටත්, හදිසි ප්‍රතිචාර පද්ධති ශක්තිමත් කිරීමටත් මෙම සම්මන්ත්‍රණය වේදිකාවක් ලෙස ක්‍රියා කරනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.​“Tackling Turbulences: Teaming up for Transformation”තේමා කරගත් මෙම සම්මන්ත්‍රණය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 17 වන දින ගලදාරි හෝටලයේදී පැවැත්වීමට නියමිතය. එය ජාතික කම්පන ලේකම් කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එක්ව සංවිධානය කරයි.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *