ශ්‍රී ලංකා සුපිරි වේග පන්දු ක්‍රීඩක ලසිත් මාලිංග ජාතික පිරිමි කණ්ඩායමේ වේග පන්දු උපදේශක පුහුණුකරු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. මෙම පත්වීම 2025 දෙසැම්බර් 15 සිට 2026 ජනවාරි 25 දක්වා මාසයක කෙටි කාලයක් සඳහා වලංගු වේ. මෙම කාලසීමාව තුළ මාලිංග ජාතික කණ්ඩායමේ වේග පන්දු යවන්නන් සමඟ සමීපව කටයුතු කරමින්, 2026 වසරේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඔවුන්ව සූදානම් කිරීම සහ සංවර්ධනය කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමට නියමිතය.විශේෂයෙන්ම විස්සයි විස්ස ක්‍රිකට් පිටියේ අවසාන පන්දුවාර (death bowling) යැවීමේදී මාලිංග සතු අසමසම අත්දැකීම් සහ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවීණත්වය උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම තවදුරටත් ශක්තිමත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තුවයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සම සත්කාරකත්වය දරන 2026 පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි 7 වැනිදා කොළඹ එස්.එස්.සී. (SSC) ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව ඇත.


























