මාලිමාව එදා විරුද්ධ වෙච්ච දේවල් දැන් කරන්න හදනවා.. ජනාදිපතිතුමා තීන්දු තීරණ ගන්නේ හාල් මෝල් හිමියන්ට ඕන විදහට බව බලවේගයේ ජාතික විදායක සභික මහේශ් සේනානායක පවසනවා
සමගි ජන බලවේගයේ මාද්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියා
එම මාධ්‍ය හමුවේදී ඔහු සඳහන් කර සිටියේ මෙවැන්නක්
“ජනාදිපතිතුමා තීන්දු තීරණ ගන්නේ හාල් මෝල් හිමියොන්ට ඕන විදියට.අගමැතිතුමිය කියනවා
මේ ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ විද්‍යාත්මකව කියලා. නමුත් එහෙම දෙයක් අපිට පේන්න නෑ.. 1
60 ට 170 ගන්න වී හාල් වෙලා ඇවිත් 230 ට මිනිස්සුන්ට විකුණනවා.
හාල් කිලෝ එකකින් මහ මෝල් හිමියන් රු.60ක ලාභයක් ලබනවා.
කෘතිමව හාල් හිඟයක් ඇති කරන්නේ මහ මෝල් හිමියොම තමයි. එහෙම කරලා හාල් ආනයනය කරන්නෙත් ඔවුන්.හාල් ආනයන කරලත් ඔවුන් විශාල ලාභයක් තියනවා
.මාෆියාව කඩන්න ආව ආණ්ඩුව හාල් මෝල් හිමියන් ඉදිරියේ දැන් එක එක කතා කියනවා.
තවත් දෙයක් තමයිමේ රටේ ජනතාව පාර්ලිමේන්තුවට ආචාර්ය මහාචාර්යවරු බලාපොරොත්තු වුනේ නෑ.
හැබැයි බොරු පට්ටම් දාගෙන ජනතාව අන්දපු අයගේ බොරුව දැන් හෙළිවෙනවා.
මේක නරක පූර්වාදර්ශයක්.නැති උපාදි පෙන්නලා ජනතාවට බොරු කරනවා.බොරුවෙන් රටවල් කරන්න බෑ කියලා
මේ ආන්ඩුව දැන් ඔප්පු කරලා තියෙනවා. මේ අශීලාචාර වැඩේ කරන්න එපා. ඒ වගේම අනුර දිසානායකගේ ඉන්දියානු සංචාරය ගැන අපි සතුටු වෙනවා
.ඉන්දියාවට වැඩිපුරම චෝදනා කලේ අනුරලා.. නමුත් ඔවුන් දැන් ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගනනාවක් ගහලා තියනවා.
මීට ටික කාලේකට කලින් එට්කා ගිවිසුම ගැන විරුද්ධ වෙලා දැන් එකඟ වුනේ ඇයි.
ඒ ගැන වහාම ජනතාවට කියන්න ඕනේ. ඉන්දියාවත් එක්ක එකට හිටපු හැම ආන්ඩුවකටම අනුරලා පහර දුන්නා. දේශපාලන බලය ගන්න මේ ආන්ඩුව බොරු ගොඩක් කිව්වා. බොරුවෙන්ම තමයි සියල්ල කලේ. හැබැයි මේ රට බොරුවෙන් පාලනය කරන්න බෑ.
දැන්වත් ජනතාවට ඇත්ත කියන්න. හොර උපාදි හොර ආචාර්ය පට්ටම් දෙන තැන්වලට නව රෙගුලාසි ගෙනත් මේවා නියාමනය කරන්න ඕනේ..
මේ ආණ්ඩුව තවත් ජනතාව කෙරෙහි වෛරය වපුරනවා. හිටපු ජනාධිපතිවරුන්ට වියදම් කරන මුදල් ගැන මහ ලොකුවට කතා කරනවා. නමුත් ඒක කොයිතරම් ප්‍රායෝගිකද කියලා බලන්න ඕනේ.
හැබැයි විපක්ශ නායකතුමාගේ මවගේ මුදල් කපාහැරීමක් කරනවනම් ඒකට විපක්ශ නායක තුමා විරුද්ධ වෙන එකක් නෑ.
මම අපේ නායකයගේන් අහලා කියන්නම්.
මිනිස්සුන්ගේ ඇස් වලට වැලිගහන්න එපා.
තවත් ජනතාව රවට්ටන්න එපා.