මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14ක් අත්අඩංගුවට..

ගතවූ කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කළ ඡන්ද අපේක්ෂකයින් 14 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ, පසුගිය මාර්තු 03 වැනිදා සිට අද උදෑසන 6 දක්වා කාලය තුළ ආධාරකරුවන් 46 දෙනෙකුද අත් අඩංගුවට ගත් බවයි.

පොලිසිය භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11 කි.

මේ අතර , පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පොලිසියට පැමිණිලි 148 ක් ලැබී තිබේ.

පොලිසිය පැවසුවේ අපරාධමය පැමිණිලි 27 ක් හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් වන පැමිණිලි 121 ක් ඒ අතර වන බවයි.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්දය විමසීමට අදාලව  දින 20 ක් ඇතුළත පැමිණිලි 1121 ක් මැතිවරණ කොමිසම වෙත ලැබී තිබේ.

මැතිවරණ කොමිසම පැවසුවේ , ප්‍රචණ්ඩ ක්‍රියා 6 ක් සහ නීති උල්ලංඝණය කිරීම් 1062 ක් ඒ අතර වන බවයි.

ලද පැමිණිලිවලින් 996 ක් විසඳා ඇතැයිද මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 691

Leave A Reply

Your email address will not be published. Required fields are marked *