මැතිවරණ සමයේ ගොවියාට පණ දෙන්න සූදානම් වූ ඇමතිවරුන්ට වීවලට සහතික මිලවත් දෙන්න බැරි වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද උද්ගත වී ඇත්තේ ඉතාම කණගාටුදායක ඛේදනීය තත්ත්වයක් බවත් මේ වන විට වී අස්වැන්න කැපීමේ ක්‍රියාවලිය ආරම්භ වුවත් වී වලට සහතික මිලක් දෙන්න රජයට නොහැකි වී ඇති බවත් නැගෙනහිර පළාතේ ගොයම් කැපී අවසන් වුවත් තවමත් සහතික මිල දෙන්න නොහැකි වී ඇති බවත් මේ අස්වැන්න මිලදී ගන්න වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වෙනුවෙන් භාණ්ඩාගාරය බිලියන 5ක් වෙන්කර ඇති බව දැන ගන්නට ලැබුණත් වී මිලදී ගැනීම උදෙසා තවමත් වී අලෙවි මණ්ඩලය මුදල් අවශ්‍යයි කියන ඉල්ලීම මහා භාණ්ඩාගාරයට නොකිරීම නිසා නමට පමණක් මුදල් වෙන් වී ඇති බවත් මේවා රජයේ දුර්වලතා බවත් රාජ්‍ය පාලනයේ අඩුපාඩුකම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වී මිල දී ගන්න මුදල් වෙන් වුවත් වෙන් කළ මුදලින් වී මිලදී ගෙන නොමැති බවත් පසුගිය කාලයේ වත්මන් මැති ඇමතිවරු කුඹුරුවලට බැස පොහොර සහනාධාරය සහතික මිල ගැන ලොකුවට කතා කළ බවත් වී ගොවියා වෙනුවෙන් ගොවිතැන් වෙනුවෙන් පණ දෙන්න සූදානම් වූ ආණ්ඩුවේ නියෝජිතයන්ට සහතික වී මිලක් දීගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කුරුණැගල හිරියාල මැතිවරණ කොට්ඨාසයේ ගනේවත්ත ප්‍රදේශයේ ඉලුක්වත්ත ග්‍රාමයේ පැවැති ජන හමුවක් අමතමිනි.

තෙත වී යන්නේ රුපියල් 80ට වුවත් මැතිවරණ සමයේ රජයේ නියෝජිතයන් රු 150ක සහතික මිලක් ගැන කියූ බවත් ඒ කියූ කතා අන්තර්ජාලයෙන් පවා මකා සියල්ල අමතක කර ඇති බවත් මෙය ඉතා අසාධාරණ තත්ත්වයක් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2025 මහ කන්නයෙ මෙට්‍රික් ටොන් 2.5ක් අස්වැන්න ලෙස අපේක්ෂිත බවත් යල කන්නයට මෙට්‍රික් ටොන් 1.7ක් ලෙස ද රජය ඇස්තමේන්තු කර ඇති බවත් ය.

මේ දවස්වල රජයට හරි හරියට වැරදෙන්නේ

මේ දිනවල රජයට හැම අතින්ම වැරදීම් සිදුවන බවත් සංඛ්‍යා ලේඛන මොකක් වුවත් වී ගොවියාට ලබා දෙන සහතික මිල තීන්දු කරන්නේ නැත්තේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් මේ අස්වැන්න සහතික මිලට ලබා ගන්න අවශ්‍ය ප්‍රතිපාදන කෝ කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා අපි කියූ ඇත්ත අද යථාර්ථයක් බවට පත් වෙලා

මීට අමතරව වගා හානි දීමනා, වන අලි මිනිස් ගැටුම නිසා සිදු වූ වගා හානි, මහ වැසි හා ගංවතුර නිසා සිදුවූ වගාහානි ලබා දෙන්න රජය අපොහොසත් වී ඇති බවත් ගොවියා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කළ රජය අද නිහඩ වී ඇති බවත් ඊළග කන්නවලදී මෙවැනි ඉරණමක් වී ගොවිතැනට අත්පත් වන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එදා ජනාධිපතිවරණයේ දී සමගි ජන බලවේගය ඇත්ත ප්‍රකාශ කරමින් ඉදිරිපත් කළ සත්‍ය වැඩි ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කර බොරුවට වහල් වූ නිසා ගොවියාගේ ජන ජීවිතය අඩපණ වී ඇති බවත් ය.

ඉහළ නියෝගයක් නිසා රතු ලේබල් සහිත බහලුම් පරීක්ෂා නොකරම නිදහස් කරලලු

වරයේ රේගුවේ සිදුවූ සිදුවීම දෙස බලන විට බහලුම් නිෂ්කාශන ක්‍රියාවලිය පවා සම්පූර්ණයෙන් අඩපන වී ඇති බවත් බහලුම් 323ක් අතරින් 80%ක් පමණ රතු ලේබල් අලවා තිබියදී ඉහලින් ආ නියෝග මත ඒවා මුදවා ඇති බවට නියෝජ්‍ය ඇමතිවරුන් පවා කියන බවත් ඒ මුදා හැරීමේ කිසිදු ගැටලුවක් නොමැති බව රජයේ ඇමතිවරු පැවසුවත් රේගුවට සම්බන්ධ වෘත්තීය සමිති කියන්නේ මේ රතු ලේබල් බහාලුම්වල තිබූ දේවල් පවා සැකසහිත බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ රතු ලේබල් ගැසූ බහලුම් නිදහස් කරන්න නියෝග දුන් ඉහළ පාර්ශ්වය කවුද කියා අනාවරණය කළ යුතු බවත් දැඩි අවදානම් භාණ්ඩ තිබූ බවට රේගු නිලධාරීන් කියද්දි රජය එවැනි අවදානමක් නොමැති බව පවසන බවත් මේවා පරීක්ෂා නොකර ආයුධ මත්ද්‍රව්‍ය රත්රං බාල බෙහෙත් නොතිබූ බවට රජය කියන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මේ බහලුම් නිෂ්කාශනය අද අඩපණ වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *