මැද පෙරදිග අර්බුදය හමුවේ ශ්‍රී ලංකන් ගුවන් ගමන් කාලසටහන් වෙනස් වෙයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින උණුසුම් යුදමය වාතාවරණය හේතුවෙන් මැද පෙරදිග කලාපයේ ගුවන් සීමාවන් භාවිතය සම්බන්ධයෙන් දැඩි අවදානමක් මතු වී තිබේ. මේ හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ බහරේනය ඇතුළු රටවල් කිහිපයක් සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට හෝ සීමා කිරීමට පියවර ගෙන ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මෙහෙයුම් කටයුතුවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් ගමන් මාර්ගයන්හි විශේෂ සංශෝධන සිදු කිරීමට කටයුතු කර තිබේ.​ගුවන් මාර්ග මෙලෙස වෙනස් කිරීම සහ ගුවන් කලාප වසා දැමීම හේතුවෙන් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකන් ගුවන් යානා පැමිණීමේ සහ පිටත්වීමේ වේලාවන්හි යම් ප්‍රමාදයන් සිදුවිය හැකි බව එම සමාගම මගීන්ට දැනුම් දෙයි. පවතින ආරක්ෂක තත්ත්වයන් මත ගුවන් ගමන් කාලසටහන් ඕනෑම අවස්ථාවක වෙනස් විය හැකි බැවින්, ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර සිය ගුවන් ගමන පිළිබඳ නවතම තොරතුරු පරීක්ෂා කර බලන ලෙස ගුවන් සමාගම මගීන්ගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,064

Leave A Reply

Your email address will not be published. Required fields are marked *