මැදපෙරදිග ගුවන් සීමා අවහිර වෙයි: මෙරට ගුවන් ගමන් සඳහා විකල්ප ක්‍රියාමාර්ග

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා ශ්‍රී ලංකාවට පැමිණෙන සහ මෙරටින් පිටත්වන ගුවන් මෙහෙයුම් සුරක්ෂිතව පවත්වාගෙන යාම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය විශේෂ වැඩපිළිවෙළක් දියත් කර තිබේ. පවතින අවදානම් තත්ත්වය සලකා බලා ශ්‍රීලන්කන් සහ ෆිට්ස් ගුවන් සමාගම් අදාළ කලාපීය ගමනාන්ත වෙත සිදුකරන ගුවන් වාර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. එබැවින්, මැදපෙරදිග කලාපය හරහා හෝ එම ගමනාන්ත බලා යාමට අපේක්ෂිත මගීන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට පෙර තමන් ගමන් කරන ගුවන් සමාගම හෝ ගුවන් ගමන් නියෝජිතයා අමතා තොරතුරු තහවුරු කරගන්නා ලෙස උපදෙස් දෙනු ලැබේ.​ගුවන් ගමන් කාලසටහන්වල සිදුවන මෙම වෙනස්වීම් හමුවේ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන අතර, අවශ්‍යතාවක් මතු වුවහොත් ගුවන් යානා යොමු කිරීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද මේ වන විට සූදානම් කර ඇති බව අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි. සියලුම සම්බන්ධීකරණ කටයුතු මගී පහසුව වෙනුවෙන් අඛණ්ඩව සිදුකරන බැවින්, නිල නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ගුවන් බලධාරීන් ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,031

Leave A Reply

Your email address will not be published. Required fields are marked *