මැදපෙරදිග ගුවන් සීමා වසා දැමීම නිසා ශ්‍රී ලංකන් ගුවන් යානා කිහිපයක් අවලංගු කෙරේ

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් ගුවන් සීමාවන් වසා දැමීම නිසා අද (මාර්තු 03) ක්‍රියාත්මක වීමට තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් ගමන් වාර කිහිපයක් අවලංගු කිරීමට පියවර ගෙන ඇත. මගීන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය පෙරදැරිව ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් ගුවන් සමාගම සිය කණගාටුව ප්‍රකාශ කර සිටියි.​අවලංගු කරන ලද ගුවන් ගමන් වාර පහත පරිදි වේ:

​ඩුබායි (Dubai): UL 225, UL 226, UL 231, UL 232​

කුවේට් (Kuwait): UL 229, UL 230

​දෝහා (Doha): UL 217, UL 218​

දම්මාම් (Dammam): UL 253, UL 254​

රියාද් (Riyadh): UL 265, UL 266​

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළින් 1979 අංකය ද, විදේශයන්හි සිට +94 11 777 1979 අංකය ද සම්බන්ධ කරගත හැකිය. මීට අමතරව +94 74 444 1979 අංකයට වට්ස්ඇප් (WhatsApp) පණිවිඩයක් යොමු කිරීමෙන් හෝ www.srilankan.com වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය සහාය ලබාගත හැකි බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *