මැදපෙරදිග හමුදා මෙහෙයුම් අවසන් කිරීමට ට්‍රම්ප්ගෙන් සූදානමක්!

ඉරාන ත්‍රස්ත පාලනයට එරෙහිව මැදපෙරදිග කලාපයේ සිදුකරන දැවැන්ත හමුදා මෙහෙයුම් අවසන් අදියරට පැමිණ ඇති බවත්, එම අරමුණු ජයගැනීමට ඉතා ආසන්න බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ, අමෙරිකාව එම මුහුදු මාර්ගය භාවිත නොකරන බැවින්, එය භාවිත කරන සෙසු රටවල් විසින් අවශ්‍ය පරිදි එහි ආරක්ෂාව සහ පාලනය සිදුකළ යුතු බවයි.​මේ අතර, ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත දැමීමේ අරමුණින්, දැනට මුහුදේ පවතින ඉරාන තෙල් තොග බොහෝ රටවලට අලෙවි කිරීමට හැකි වන පරිදි අමෙරිකානු භාණ්ඩාගාරය පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කර ඇත. මෙම “කෙටි කාලීන අවසරය” යටතේ බොරතෙල් බැරල් මිලියන 140ක් පමණ ලෝක වෙළඳපොළට මුදා හැරීමට අවස්ථාව ලැබෙන බව භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) මහතා සිකුරාදා එක්ස් (X) පණිවිඩයක් නිකුත් කරමින් තහවුරු කළේය.

What's your reaction?

Related Posts

1 of 680

Leave A Reply

Your email address will not be published. Required fields are marked *