මැදිරිගිරියේ සංගීත සංදර්ශනයේදී කළහකාරී ලෙස හැසිරුණු 06 දෙනෙකු අත්අඩංගුවට.

මැදිරිගිරිය, දිවුලන්කඩවල පැවති සංගීත සංදර්ශනයක කළහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒ සිද්ධියට අදාළව ලබා ගත් වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීම් වලින් අනතුරුවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදු කරන බව පොලිසිය සඳහන් කළේ ය.

පෙර දැනුවත් කළ පරිදි ගායන ශිල්පීන් ඉදිරිපත් නොවීම හේතුවෙන් පෙරේදා රාත්‍රියේ පැවති සංගීත ප්‍රසංගයකදී එම නොසන්සුන්තාව හට ගත්තේ ය.

පොලිසිය සඳහන් කළේ එහි සංවිධායකයින් විසින් ගායකයින් සඳහා ගෙවනු ලබන මුදල් ගැටළුවක් මූලික කරගනිමින් එම තත්ත්වය හටගත් බවයි

ප්‍රේක්ෂකයින්ගේ ප්‍රකෝපකාරි හැසිරීම හමුවේ, ප්‍රසංගයේ ශබ්ද විකාශන යන්ත්‍ර, සංගීත භාණ්ඩ හා පුටු ආදියට දැඩි හානි සිදුව තිබේ.

සිදුවීම පිළිබඳ ඉදිරිපත් වූ පැමිණිලි හා වීඩියෝ දර්ශන මත විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවේ ය. 

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *