මිතුරන් පිරිසක් සමඟ මත්පැන් පානය කොට සිය කාර් රථයෙන් කාන්තාවක් අනතුරට ලක් ⁣ කල පොලිස් සැරයන්වරයා රක්ෂිත බන්ධනාගාරයට

කඹුරුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු බීමතින් සිය පෞද්ගලික මෝටර් රථය පදවා කඹුරුපිටිය කද්දුව ප්‍රධාන මාර්ගයේ මිරිස්වත්ත හන්දිය ප්‍රදේශයේදි පාර මාරුවෙමින් සිටි කාන්තාවක් අනතුරට ලක් කිරිමෙන් එම කාන්තාව තුවලා ලබා තිබේ.

මේ මස 19 වන දින පස්වරුවේ මෙම අනතුර සිදු වි ඇති අතර ⁣මෙම පොලිස් සැරයන්වරයා කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් හදිසි ඇමතුම් ඒකකයට(119) අනුයුක්තව සේවය කරමින් සිටියදි සිය රාජකාරි වේලාව අතරතුර දිවා ආහාරය රැගෙන ඒමට බව පවසමින් පොලිස් ස්ථානයෙන් නික්ම ගොස් මිතුරන් පිරිසක් සමඟ මිරිස්වත්ත ප්‍රදේශයේ හෝටලයක් තුල මත්පැන් පානය කරමින් සිට නැවත යමින් සිටියදි මෙම අනතුර සිදු කොට ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි.

අනතුරින් තුවාල ලැබු 64 හැවිරිදි කාන්තාව කඹුරුපිටිය මුලික රෝහලට ඇතුලත් කොට තිබේ.

අනතුර සිදු කිරිමෙන් අනතුරුව මෙම පොලිස් නිලධාරියා තමන් පොලිස් නිලධාරියෙකු බව පවසා එම ස්ථානයෙන් පලා යාමට උත්සහාදැරු බව ප්‍රදේශවාසින් කියා සිටින අතර කඹුරුපිටිය පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරින් විසින් බිමතින් සිටි පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරිමට කටයුතු කොට තිබේ.

මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මේ මස 28වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති මෙම පොලිස් නිලධාරිවරයාගේ වැඩ තහනම් කොට ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටි.

What's your reaction?

Related Posts

1 of 552

Leave A Reply

Your email address will not be published. Required fields are marked *