මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට…

මිද්දෙණිය ත්‍රිපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, මිද්දෙණිය ගල්වාඩියේදී පොලිස් විශේෂ කාර්ය බලකා තංගල්ල කඳවුරේ නිලධාරීන් විසිනි.

ඔහුගේ වයස, අවුරුදු 45 ක්.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරට පොලිස් කොස්තාපල්වරයෙකු ද ඇතුළත්.

ඔහු ලබන 5 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සෙසු සැකකරුවන් පැය 72 ක් රඳවා ප්‍රශ්න කිරීමට, අධිකරණය ඊයේ (22) අවසර දුන්නේ ය.

මිද්දෙණිය කඩේවත්ත මංසන්ධියේදී එම වෙඩි තැබීම සිදුවූයේ, පසුගිය 18 වැනිදායි.

මේ අතර ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියට අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බව, කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 5 ක්.

ඒ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව පසුගිය 19 වැනිදා ඝාතනය කෙරුණේ, කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 අධිකරණය තුළදී යි.

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *