මිදිගම වෙඩි තැබීමට සැකකරු විදේශගත පාතාල සාමාජිකයෙකුගේ කොන්ත්‍රාත් ඝාතකයෙක්!

මිදිගම හෝටලයකට වෙඩි තැබීමේ උත්සාහය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු, දැනට විදේශයක සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ කොන්ත්‍රාත් ඝාතකයෙකු බවට හඳුනාගෙන ඇතැයි පොලීසිය පවසයි. තවත් දෙදෙනෙකු සමඟ ඝාතනයක් සිදුකිරීමට සූදානමින් කපුවත්තේ නිවසක රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ, මෙම සැකකරු වයස අවුරුදු 35ක් වන අතර, හමුදාවෙන් ඉවත්වූ අයෙකු වන අතර ඔහු තංගල්ලේ දංකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මිදිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඔහු ටී-56 ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළි වූ තොරතුරු මත වැඩිදුර සෝදිසි කිරීමේදී පහත සඳහන් ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී තිබේ:

1.’අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 21.75​

2.ටී-56 මැගසිනයක්

​3.ටී-56 උණ්ඩ 30ක්

​4 ජාත්‍යන්තරව නිෂ්පාදිත අත්බෝම්බයක්​

5.අපරාධය සඳහා සූදානම් කළ යතුරුපැදියක්​

6.හෙල්මට් 2ක්​

7.ජංගම දුරකථනයක්​

සැකකරු ඊයේ (19) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විමර්ශන සඳහා දින 07ක රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත. වැලිගම සහ මාතර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 849

Leave A Reply

Your email address will not be published. Required fields are marked *