මිනිස් වාසයට සුදුසු පෘථිවියටත් වඩා විශාල ග්‍රහලෝකයක් සොයාගනී

පෘථිවියට සමාන ග්‍රහලෝකයක් සොයාගැනීමට සමත්වී තිබෙනවා.

ඒ යුරෝපීය අභ්‍යාවකාශ ඒජන්සිය සමග නාසා ආයතනය සිදුකළ පර්යේෂණයකින්.

මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ, ග්ලීස් 12 බී (Gliese 12b) ලෙසයි.

මෙම ග්‍රහලෝකය මේ දක්වා හමු වූ පෘථිවියට සමාන සහ ජීවිත්වීමට සුදුසුම ග්‍රහලෝකය බවටයි උපකල්පනය කර ඇත්තේ.

එම ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් පමණ වන බවටයි ඇස්තමේන්තු කර තිබෙන්නේ.

මෙම ග්‍රහලෝකයේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 40ක දුරින් පිහිටා ඇති බවත්, එම නිසා ග්‍රහයා සමීපව නිරීක්ෂණයට බාධා ඇතිවී තිබෙන බව විද්‍යාඥයින් පවසනවා.

සෑම දින 12.8කට වරක් එහි සූර්යයා වටා කක්ෂගත වන අතර එය පෘථිවියට සමාන විශාලත්වයක් දරණ බවද සඳහන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *