මිනුවන්කොට ප්‍රදේශයේ මාහේන පොදු සුසාන භූමියේ සිදු වූ නීති විරෝධී ගිනි අවි ජාවාරමක් පිළිබඳ පුවතක් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශයෙන් වාර්තා විය.

මෙම සිදුවීම ඇසින් දුටු සාක්ෂිකරුවකු විසින් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට දුරකථනයෙන් කරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ මීට කලකට පෙර ශරීරයක් භූමදානය කරන ලද ගිලා බැස තිබූ මිනී වලක අපරාධයක් සඳහා අවශ්‍ය අවි ආයුධ කිහිපයක් සඟවා ඇති බවයි.

ඉටිකවරයක දමා ආරක්ෂිත ලෙස T56 ගිනි අවි එකක් සහ කෘත්‍රීම උණ්ඩ 22 ක්, මැගසින් 01, ජීව පතොරම් බහාලූ උපැස් යුවල රදවනයක් මිනී වල තුළ සඟවා තිබූ බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස නිලධාරීන් පවසයි.

විමර්ශනවලදී පැහැදිලි වී ඇත්තේ මෙම ගිනි අවි සහ පතොරම් සඟවා ඇත්තේ අපරාධයක් කිරීම සඳහා තවත් පුද්ගලයෙකුට ලබා ගැනීමට හැකිවන අයුරින් හුවමාරු කර ගැනීමේ අරමුණෙන් බවයි.

මෙම ගිනි අවි යුධ හමුදාව හෝ පොලිසිය භාවිත කරන ලද ඒවාද එසේත් නැතිනම් සංවිධානාත්මක අපරාධ කල්ලියක් භාවිත කරන ලද ඒවා දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

What's your reaction?

Related Posts

1 of 553

Leave A Reply

Your email address will not be published. Required fields are marked *