මියන්මාර ජනතාවට ශ්‍රී දළදා මාලිගාවෙන් ලක්ෂ 150ක මූල්‍යාධාර

භූමිකම්පාවෙන් විපතට පත් මියන්මාර ජනතාව වෙත ශ්‍රී දළදා මාලිගාව, මල්වතු හා අස්ගිරි මහා විහාරයන් එක්ව රුපියල් ලක්ෂ 150ක (මිලියන 15ක) මූල්‍ය ආධාරයක් පිරිනැමීම අද(02) සිදුකෙරිණි.

 අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක හිමි සහ  ශ්‍රී දළදා මාලිගාවේ  දියවඩන නිලමේ විසින්  අදාල පරිත්‍යාගය  මියන්මාරයේ මෙරට  තානාපතිවරිය වෙත අදාළ පරිත්‍යාග භරදෙනු ලැබිණි..

අස්ගිරි මහා විහාර පාර්ශවයේ මහානායක මාහිපාණන් වහන්සේ, මල්වතු හා අස්ගිරි උභය මහා විහාරයන්හි අනුනායක මාහිමිපාණන් වහන්සේලා මෙන්ම විංශත්වර්ගික කාරක සභාවන්හි නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නය විසින්  පස්වරුවේ ශ්‍රී දළදා සමිඳුන් වහන්සේ අභියසදී විපතට පත් මියන්මාර වැසියන් වෙනුවෙන් විශේෂ පිරිත් සජ්ඣායනයක්ද සිදුකරන ලදී.

What's your reaction?

Related Posts

1 of 768

Leave A Reply

Your email address will not be published. Required fields are marked *