මියන්මාරයේ ආගමික උත්සවයකට එල්ල වූ පැරෂූට ප්‍රහාරයකින් 24ක් මරුට, 47කට තුවාල

මියන්මාරයේ ආගමික උත්සවයක් අතරතුර පැරෂූට යොදාගෙන එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් තවත් 47 දෙනෙකු තුවාල ලබා තිබේ.​මෙම ආගමික උත්සවයට සමගාමීව, එරට ජුන්ටා හමුදා ප්‍රතිපත්තිවලට විරෝධය පළ කරමින් පිරිසක් ඉටිපන්දම් දල්වා ගත් උද්ඝෝෂණයක්ද පවත්වමින් සිට ඇත.​ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජුන්ටා විරෝධී මහජන ආරක්ෂක බලකාය පවසා ඇත්තේ, මෙම අවස්ථාවේදී මෝටර් බලයෙන් ක්‍රියාත්මක වන පැරෂුටයකින් බෝම්බ දෙකක් හෙළා ප්‍රහාරය සිදු කළ බවයි.​ප්‍රහාරය පිළිබඳ තොරතුරු තමන්ට ලැබුණු බවත්, ඒ හේතුවෙන් උද්ඝෝෂණය වහාම අවසන් කිරීමට උත්සහ කළ බවත් මහජන ආරක්ෂක බලකායේ නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. කෙසේ වෙතත්, පැරෂුටයෙන් පැමිණි භටයින් ඔවුන් බලාපොරොත්තු වූ වේලාවට පෙර එම ස්ථානයට පැමිණ ඇති බව ඔහු සඳහන් කරයි.​ප්‍රහාරය එල්ල වන විට එම ස්ථානයේ සියයකට ආසන්න පිරිසක් සිටි බව විදෙස් වාර්තාවල සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 411

Leave A Reply

Your email address will not be published. Required fields are marked *