මිරිහාන කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපතිනියගේ ඡායාරූපයකට මල් මාලාවක්: විශේෂ පොලිස් පරීක්ෂණයක්!

මිරිහාන පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති (OIC) වන ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂක වරුණි කේශලා බෝගහවත්ත මහත්මියගේ ඡායාරූපයක් වටා මල් මාලයක් දමා තිබීම සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.​මෙම පරීක්ෂණය නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (SSP) මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරීවරයකුගේ (ASP) අධීක්ෂණය යටතේ සිදු කරන බව පොලීසිය පවසයි.​ආරම්භක වාර්තා වලට අනුව, ස්ථානාධිපතිවරිය කාර්යාලයේ නොසිටි වේලාවක මෙතෙක් හඳුනා නොගත් පුද්ගලයෙකු කාන්තා හා ළමා කාර්යාංශයට පැමිණ, ඇගේ කාර්යාලයේ ප්‍රදර්ශනය කර තිබූ රාමු කරන ලද ඡායාරූපය මත සුදු මල් මාලයක් දමා ගොස් ඇත.​මෙම ක්‍රියාව නිලධාරිනිය බිය ගැන්වීමේ උත්සාහයක් ලෙස හෝ වෙනත් යම් අභිප්‍රායක් මත සිදු කර තිබේද යන්න සම්බන්ධයෙන් පොලීසිය මේ වන විට විමර්ශන පවත්වයි.​ප්‍රධාන කාන්තා පොලිස් පරීක්ෂක බෝගහවත්ත මහත්මියට උණ රෝගය වැළඳීම හේතුවෙන් මේ වන විට නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි.​ඇය මීට මාස කිහිපයකට පෙර මාතර මූලස්ථාන පොලීසියෙන් මිරිහාන පොලිස් ස්ථානයේ කාන්තා හා ළමා කාර්යාංශයේ ස්ථානාධිපති ධූරයට මාරු වී පැමිණියාය.

What's your reaction?

Related Posts

1 of 796

Leave A Reply

Your email address will not be published. Required fields are marked *