මීගමුවේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු දැලේ

මීගමුව, පෙරියමුල්ල–ඇත්තුකාල දුම්රිය හරස් මාර්ගය අසලදී සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 32 හැවිරිදි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (09) අලුයම සිදුකළ විශේෂ මුර සංචාරයක් අතරතුර මෙම වැටලීම සිදුකර ඇත.​එහිදී සැකකරු සන්තකයේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 10ක්, කොකේන් ග්‍රෑම් 1ක් සහ මත්පෙති 100ක් පොලිස් භාරයට ගෙන ඇත. අනතුරුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකරු රැඳී සිටි ස්ථානය පරීක්ෂා කළ නිලධාරීන්, එහි තිබී තවත් ‘කුෂ්’ වර්ගයේ ගංජා ග්‍රෑම් 29.24ක් සහ හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2.23ක් සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 143

Leave A Reply

Your email address will not be published. Required fields are marked *