ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකෙරෙන චීන ජාතිකයින් 16 දෙනෙකු සහ කාම්බෝජ ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු විදේශිකයන් 18 දෙනෙකු මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මීගමුව පොලිසිය විසින් ඊයේ (27) දින නවාතැන්පොළක් වටලා සිදුකළ මෙම මෙහෙයුමේදී, වංචාව සඳහා භාවිත කළ පරිගණක සහ තවත් ඉලෙක්ට්‍රොනික උපකරණ රැසක් ද අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
























