මුහුදුබඩ මාර්ගයේ කොළඹ කොටුවේ සිට කළුතර දක්වා වන දුම්රිය සංඥා පද්ධතිය අද හා හෙට විශේෂ පරීක්ෂාවකට ලක් කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, පානදුර සිට මොරටුව දක්වා කොටස පරීක්ෂා කළ බවයි.
එය ආරක්ෂිත බවට දුම්රිය සංඥා නිලධාරීන් සහතිකයක් ලබා දී තිබේ.
මුහුදුබඩ මාර්ගයේ සංඥා පද්ධතිය පිළිබඳ ගැටලුවක් මතු වූයේ පෙරේදා දිනයේ මොරටුව මෝදර ප්‍රදේශයේ දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය එම ස්ථානයේ නතර කිරිමත් සමගයි.
දුම්රිය නතර කිරීමත් සමග දුම්රිය මාර්ගය තාවකාලිකව වසා දැමුණි.
එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකය සංඥා, පුවරුවල දිස් වීම හේතුවෙන් ය.
දුම්රියේ රියැදුරාගේ විමසිලිමත් බව හේතුවෙන් එහිදී සිදුවීමට ගිය අනතුරක් වැළකුණි.






















