මුහුදේදී මුදාගත් ඉරාන නැවියන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරයි

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී බේරාගත් ඉරාන නැවියන් පිරිස යළි එරටට භාරදීමේ ක්‍රියාවලියේදී, එක්සත් ජාතීන්ගේ සමුද්‍රීය නීතිය පිළිබඳ සම්මුතිය (UNCLOS) සහ ජාත්‍යන්තර නීතිමය රාමුවට අනුකූලව කටයුතු කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ‘රයිසිනා සංවාදය’ (Raisina Dialogue) අතරතුර මේ පිළිබඳව නැඟුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, මෙවැනි කරුණු හැසිරවීමේදී ස්ථාපිත ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ නීති රීති අකුරටම පිළිපැදීමට ශ්‍රී ලංකාව බැඳී සිටින බවයි.

What's your reaction?

Related Posts

1 of 1,069

Leave A Reply

Your email address will not be published. Required fields are marked *