මුහුදේදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350ක් සමග රු. බිලියන 5ක තොගයක් නාවික හමුදා භාරයට!

​බස්නාහිර වෙරළට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් දේශීය බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් සහ “අයිස්” (Crystal Methamphetamine) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 350කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇතැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පැවසීය. ​ඒ මහතා කියා සිටියේ, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වීදි වටිනාකම රුපියල් බිලියන 5කට ආසන්න බවයි. ​වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.

What's your reaction?

Related Posts

1 of 822

Leave A Reply

Your email address will not be published. Required fields are marked *